ආසාදිතයින් වැඩි 2වැනි තැනට ඉන්දියාව

සැප් 07, 2020

    ලොව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඉන්දියාව පැමිණ තිබේ.

    ඒ එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 42 සීමාව පසුකර යාමත් සමගයි. මින් පෙර සමස්ත කොරෝනා ආසාදිතයන් ලක්ෂ 41ක් වාර්තා වූ බ්‍රසීලය, ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ රටයි.

    කෙසේ වුවත්, ලොව තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අමෙරිකාවේ, ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 31,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනිණ.

    Last modified on සදුදා, 07 සැප්තැම්බර් 2020 10:33

    Latest News