බර්මින්නැම් පිහි ඇණුමකින් අයෙක් මරුට - 7කට තුවාල

සැප් 07, 2020

    මධ්‍යම එංගලන්තයේ,බර්මින්නැම් නගරයේ සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයෙක් මියගොස් තවත් 7 දෙනෙක් බරපතල තුවාල ලබා තිබේ.

    පිහි ඇනුම සිදුකළ පුද්ගලයා සොයා ගැනීමට ඔහුගේ රූපරාමු ඇතුළත් අවේක්ෂණ කැමරා දර්ශන මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. අපරාධකරු සොයා මේ වන විටත් මෙහෙයුම් දියත්කර තිබේ.

    සන්නද්ධ නිලධාරීන්,මුර සංචාරක භටයන් සහ කැරලි මර්දන නිලධාරීන්ද,මේ වන විටත් බර්මින්හැම් නගරය පුරා ස්ථානගත කොට තිබේ. පිහි ඇනුමින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 23ක පුද්ගලයෙක්. තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයෙක් සහ තිස් දෙහැවරදි කාන්තාවක බරපතල තත්වයේ පසුවන බවයි, වාර්තා වන්නේ.
    තුවාල ලැබූ අනෙකුත් 5 දෙනා වයස අවුරුදු 23 හා 33 අතර පසුවන්නන්.

    ඔවුන් කඩිනමින් රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ අතර මේ වන විටත් ඉන් දෙදෙනෙක් රෝහලෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වෙයි. කෙසේ වුවත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවයි, බලධාරීන් පවසන්නේ.

    Last modified on සදුදා, 07 සැප්තැම්බර් 2020 10:34

    Latest News