ඊයේ ග්‍රෑන්පාස් හි, තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක්

ඔක් 21, 2021

    ග්‍රෑන්පාස් පොලිස් වසමේ කජිමාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (20) දින තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය වාර්තා කරනවා.

    එක ම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් අතර ඇති වූ මුදල් ආරවුලක් දුරදිග යාමෙනු යි මෙම ඝාතනය සිදු වී ඇත්තේ. පිහි ඇනුම් ලද තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දි මිය ගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 26ක් වූ ෆර්ගියුසන් පාර කොළඹ 14 පදිංචිකරුවෙක්. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෘත ශරීරය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

    පහර දුන් සැකකරු මේ වෙනවිට පොලිස් අත් අඩංගුවේ පසු වෙනවා. සැකකරු වයස අවුරුදු 28ක පුද්ගලයෙක් වෙන අතර, ඔහු ව අද (21) දින මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිදුර පරීක්ෂණ ග්‍රෑන්පාස් පොලිසිය විසින් සිදු කරයි.

    Latest News