අමෙරිකාවට වීසා සීමා කිරීමක්

සැප් 04, 2020

    දකුණු චීන මුහුදේ අහිතකර ක්‍රියකාරකම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් චීනයට අයත් ඇතැම් රාජ්‍ය ව්‍යාපාර සහ විධායක නිලධාරීන් වෙත සීමාකිරීම් පනවා තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොළඹ කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.

    මහජන චීන රජය අස්ථිත්වයන් ඉලක්ක කරගෙන මෙම සම්බාධක පනවා ඇති අතර, China Communications Construction Company  සහ එහි පරිපාලිත සමාගම් සමඟින් ගනුදෙනු කිරීමේ දී අවදානම කළමනාකරණය කරගෙන කටයුතු කරන්නට එක්සත් ජනපදය විසින් රටවල් දිරිමත් කරනු ලබන බව ද එම නිවේදනයේ දැක්වේ.

    CCCC මැනිය නොහැකි තරමේ පාරිසරික හානියක් සිදුකිරීමටත්, ලෝ වටා අහිතකර ක්‍රියාවන්ට සම්බන්ධ වීමටත්, ඉන්දු ශාන්තිකර අස්ථාවරත්වය ඇති කිරීමටත් ක්‍රියා කර ඇතැයි ද එහි සඳහන්.

     

    Latest News