ඉන්දියාවෙන් තවත් දෛනික ආසාදිතයන්ගේ වාර්තාවක්

අගෝ 29, 2020

    ඉන්දියාව ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 77,268ක් වාර්තා කර තිබේ.

    එය රටේ මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම, පසුගිය අගෝස්තු 7 වැනිදායින් පසු සෑම දිනකම ලොව වැඩිම දෛනික ආසාදිතයන් ඉන්දියාව වාර්තා කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වන විට එක්සත් ජනපදයට හා බ්‍රසීලයට පමණක් පසුපසින් තුන්වැනි ස්ථානයේ රැදී සිටින්නේ 3,387,500ක් ලෙසයි. එසේම ගෙවීගිය දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 1,057කින් ඉහළ ගොස් ඇති අතර මුළු සංඛ්‍යාව 61,529ක් බවට පත්ව තිබේ.

    Last modified on සෙනසුරාදා, 29 අගෝස්තු 2020 09:58

    Latest News