ලොව අද වනවිට කොරෝනා ආසාදිතයන් දෙකෝටි 40,000 ලක්‍ෂය ඉක්මවයි

අගෝ 28, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දෙකෝටි 40,000 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව අට ලක්‍ෂ 35,000කට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව ඊයේ ලක්‍ෂ හැට ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව එක්ලක්‍ෂ 84,000ක්. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව 37 ලක්‍ෂ 64,000 ඉක්මවා ගියේය. එරට මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 18,000 ඉක්මවා තිබේ.

    ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි. එරට ආසාදිතයන් සංඛ්‍යාව 33න් ලක්‍ෂයකට අධිකයි. ඉන්දියාවේ මේ දක්වා කොරෝනා මරණ 61,000කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ.

    මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 10 ඉක්මවූ රටවල් ගණන 3ක් වන අතර, ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 30ක්. මරණ ලක්‍ෂය ඉක්මවූ රටවල් ගණන 2ක්. මරණ 25,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 9ක් වේ.

    මරණ දහසකට අධික රටවල් සංඛ්‍යාව 48ක්. සියළුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 10ක් වාර්තාවේ. නෞකා දෙකක් ද ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. රටවල් 24ක් කොරෝනා කිිසිදු මරණයක් වාර්තා නොවූ රාජ්‍යයන් අතරට ඇතුළත්.

    Latest News