ඇෆ්ගනිස්තානයේ ගංවතුරින් 100ක් මරුට

අගෝ 27, 2020

    ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග ප්‍රදේශයේ පරුවාන් පළාතේ හටගත් ගංවතුරින්, පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබේ.

    ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, මෙම ගංවතුර තත්වය ඇතිවී තිබේ. ගංවතුර තත්වය ඊයේ අලුයම චාරිකාර් නගරයට බලපා ඇත්තේ, ප්‍රදේශයේ ජනතාව නින්දේ සිටියදී බව එරට මාධ්‍ය සඳහන් කළේය.

    ඒ හේතුවෙන්, ගංවතුර තත්වය පිලිබඳ ජනතාවට කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් නොලැබීම නිසා බොහෝ පිරිසක් අනතුරට පත් වන්නට ඇතැයි, බලධාරීන් පවසයි. ගංවතුර හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 500ක් පමණ විනාශ වී තිබේ. සුන්බුන් අතර සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    ඒ හේතුවෙන්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ වුවත්, කොරෝනා වෛරසය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් කඳවුරුවල රඳවා තැබීමේ ක්‍රියාවලියට ද එල්ල වී ඇත්තේ දැඩි බාධාවක්.

    Latest News