ලෝක බැංකුවේ සභාපති හදිසියේ ඉවතට

ජන 08, 2019

    ලෝක බැංකුවේ සභාපති ජිම් යොන්ග් කිම් හදිසියේ ඉල්ලා අස්වී තිබේ.

    ඔහු සඳහන් කර ඇත්තේ, පෙබරවාරි පළමු වැනිදා සිට සිට ධුරයෙන් ඉවත් වන බවයි. වසර 06ක කාලයක් ලෝක බැංකු සභාපතිවරයා මෙම ධුරය දරනු ලැබීය. කිම් මහතාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ වසර 2022 දීය.

    ඔහු 2017 වසරේ දී දෙවැනි ධුර කාලයක් සඳහා ද පත් විය. ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ, ලෝක බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් බවයි. නමුත්, ඉල්ලා අස්වීමට හේතුව කුමක් ද යන්න ඔහු සඳහන් කර ඇත.

    Latest News