උතුරු කොරියා නායක චීන සංචාරයක

ජන 08, 2019

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ චාරිකාවක නිරත වෙයි.

    එය සිදු කෙරෙන්නේ ජනාධිපති ෂි-ජින්-පිංගේ ඇරයුමකට අනුවයි. උතුරු කොරියානු නායකයා බෙයිජිං අගනුවරට පිටත්ව යන ආකාරය එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණ.

    පෙර නිවේදනයකින් තොරව සිදු කෙරෙන මේ චාරිකාවේ දී කිම් ජොන් උන් චීන ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ජා කිරීමට නියමිතයි. ඔහු ලබන 10 වැනි දින දක්වා චීනයේ රැඳී සිටී. අමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර දෙවැනි හමුවක් සඳහා සාකච්ජා පැවැත්වෙන අතරතුර චාරිකාව සිදුව ඇති බවට ද තොරතුරු වාර්තාවේ.

    Latest News