ප්‍රංශ විරෝධතා ගැන අගමැතිගේ සීමාව පනී

ජන 08, 2019

    දිගු කළක සිට පවතින විරෝධතා මැඩපැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පවසයි.

    අගමැති එඩුරාඩි පිලිප් පවසන්නේ, විරෝධතාකරුවන්ට එරෙහි දැඩි දඩුවම් පමුණුවන බවයි. ප්‍රංශයේ විරෝධතාවලට මේ වන විට සති 7ක කාලයක් ගත වී ඇත. ඉන්ධන මිල සහ බදු අඩු කරන ලෙස ඉල්ලා ඇරඹි විරෝධතා මේ වන විට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් දක්වා පරිවර්ථනය වී තිබේ. සෑම සති අන්තයකම විරෝධතා පැවැත්වුණු අතර, විශාල ලෙ රාජ්‍ය දේපල විනාශ කිරීම පිළිබඳව ද වාර්තා විය.

    විරෝධතා හේතුවෙන් 06 දෙනෙක් මිය ගිය අතර, තවත් 1,400කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ප්‍රංශය පවසන්නේ, ඉදිරියේ දී පැවැත්වෙන විරෝධතා මැඩලීම සඳහා 80,000ක පමණ ආරක්ෂක භට පිරිසක් යොදවා ඇති බවයි.

    Latest News