අමෙරිකානු ජනාධිපතිවරණය උණුසුම් වෙයි

අගෝ 20, 2020

    අමෙරිකානු ජනාධිපතිවරණ සටන මේ වනවිට දිනෙන් දින උණුසුම් වෙමින් පවතී.

    ප්‍රධාන අපේක්‍ෂක පාර්ශවයක් වන ඩිමොක්‍රටික් පක්‍ෂයේ අවසාන සමුළුව අද පැවැත්වීමට නියමිතයි. අදින් අවසන් මෙම සමුළුවේ තුන්වන දිනය වූ ඊයේ දිනයේදී, පක්‍ෂයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස, ජෝ බයිඩින් නිල වශයෙන් නම් කෙරිණ. එසේම ඩිමොක්‍රටික් පක්‍ෂයේ උප ජනාධිපති ලෙස කමලා හැරිසන් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන බව, විදෙස් වාර්තාවල සඳහන්.

    ඊයේ පැවති සමුළුවේ දී වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හෙළා දකිමින් බොහෝ පිරිසක් අදහස් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති ට්‍රම්ප් ධූරයට කිසිසේත් සුදුසු නොවන පුද්ගලයෙකු බවයි. එසේම හිලරි ක්ලින්ටන් ද, ජනාධිපති ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රය දැඩි ලෙස හෙළා දකිමින් අදහස් පළ කළේය.

    ඩිමොක්‍රටික් පක්‍ෂ සමුළුව ජනාධිපතිධූර අපේක්‍ෂක ජෝ බයිඩ්න්ගේ දේශනයෙන් අනතුරුව අද අවසන් වීමට නියමිතයි. එළඹෙන නොවැම්බර් 3 වැනි දින පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය මේ වනවිටත් දැඩි උණුසුම්කාරි ස්වභාවයක් උසුලන අතර, ඊට දැඩි ලෝක අවධානයක් හිමිවී තිබීම විශේෂත්වයක්.

    Latest News