ලොව පුරා අද වනවිට කොරෝනා මරණ සංඛ්‍යාව 7 ලක්‍ෂ 91,000 ඉක්මවයි

අගෝ 20, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද වනවිට හත් ලක්‍ෂ 91,000 ඉක්මවා තිබේ.

    ගෝලීය වශයෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 25න් ලක්‍ෂයකට අධිකයි. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවේ හඳුනාගෙන තිබේ. එම සංඛ්‍යාව 69,196ක්. එම කාලසීමාව තුළ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 980ක්. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් යළිත් වරක් ලෝක බලවතා වන අමෙරිකාවේ සිදුව තිබේ. එම සංඛ්‍යාව 1263ක්.

    අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂ 57 ඉක්මවා ගියේ, ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිතයින් 44,957 දෙනා සමඟයි. ලතින් අමෙරිකානු කලාපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 48,541ක්. එම කාලසීමාව තුළ එරට සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 1,170ත් සමඟ බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 11,000 ඉක්මවා ගියේය. වෛරසයේ දෙවැනි රැල්ලකින් බලපෑම් එල්ල වී ඇති ඔස්ට්‍රේලියාවේ, අලුතින් කොරෝනා ආසාදිතයින් 220 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මරණ12ක් සිදුව තිබේ.

    Latest News