බෙලරූස්හි විරෝධතා මර්දනයට පියවර

අගෝ 20, 2020

    බෙලරූස්හි දින 10කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත විරෝධතා මර්දනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ආරක්‍ෂක අංශ වෙත නියෝග කර තිබේ.

    පැවති ජනාධිපතිවරණය අක්‍රමිකතාවලින් යුක්ත බවට, චෝදනා කරමින් මෙම විරෝධතා සංවිධාන කර තිබේ. බෙලරූස් මැතිවරණ කොමිසම නිවේදනය කළ ආකාරයට ජනාධිපති ලුකෂෙන්කෝ පැවති ජනාධිපතිවරණයෙන් 80%ක විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. නමුත් ප්‍රතිවිරුද්ධ පාර්ශව සහ නේටෝ සාමාජික රටවල් චෝදනා කළේ, මැතිවරණය සාධාරණ නොවන බවටයි.

    මේ අනුව ජනාධිපතිවරයාට විරුද්ධව “මින්ස්ක්“ අගනුවරට රැස්වූ ජනතාව දැවැන්ත විරෝධතාවන් දියත්කර තිබේ. බෙලරුස්හි පවතින මතභේදකාරී තත්වය පිලිබඳ සාකච්ජා කිරීමට යුරෝපා සංගමය හදිසි සාකච්ජාවක් කැඳවා තිබිණ. එහිදී එම සංගමය බෙලරූස්හි විරෝධතාවන් දැඩිව මර්දනය කිරීමට සහ මැතිවරණ අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.

    ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සාධාරණ බවට, යුරෝපා සංගමය පිළිනොගන්නා බවත්, ඒ හේතුවෙන් හටගත් විරෝධතා අතරතුර අත්අඩංගුවට පත් විරෝධතාකරුවන් නිදහස් කරන ලෙසත්, යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් බෙලරුස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

    Latest News