ලොව පුරා කොවිඩ් මරණ 775,000 සීමාවට

අගෝ 17, 2020

    ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 773,685ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (17) අලුයම වාර්තා කරයි.

    එසේම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,593,607ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 13,593,378කට ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    Last modified on සදුදා, 17 අගෝස්තු 2020 09:35

    Latest News