රුසියාව කොවිඩ් ඒන්නතේ නිෂ්පාදන අරඹයි

අගෝ 16, 2020

    රුසියාව කොවිඩ්-19 රෝගය සඳහා අලුතින් හඳුන්වාදුන් "ස්පුට්නික් වී" ඒන්නත නිෂ්පාදනය මේ වනවිට ආරම්භ කර තිබේ.

    ඒරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ මේ බව නිවේදනය කළේය.

    මොස්කව් නුවර ගමාලියා ආයතනය මගින් වැඩිදියුණු කරන ලද මෙම ඒන්නත රුසියානු රජය විසින් අනුමත කර ලියාපදිංචි කෙරුණේ, ඉකුත් අඟහරුවාදා දිනයි. කෙසේ වුවද, ඒහි නිශ්චිත අත්හදා බැලීම් සිදු කිරීමට පෙර, ඒන්නත නිෂ්පාදනය කිරීම පිළිබඳව ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයින්ගේ හා මාධ්‍යවල ඉකුත් දිනයන්හි දැඩි කතාබහට ලක්විය.

    රුසියාවේ සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධානී කිරිල් දිමිත්‍රිව් පවසන්නේ, ඒන්නතේ තෙවැනි අදියරේ අත්හදා බැලීම් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි. "ස්පුට්නික් වී" ඒන්නත පිළිබඳව විද්‍යාත්මක දත්ත කිසිවක් මේ දක්වා නිකුත් කර නොමැත. නව ඒන්නත ලබා ගැනීමට වියට්නාමය සහ පිලිපීනය කැමැත්ත පළකර ඇති බව දැනුම් දී ඇති බවයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒන්නතේ සාර්ථකත්වය ලොවට අනාවරණය කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ දියණියට ද පසුගියදා ඒම ඒන්නත ලබාදීම සිදු කෙරිණ.

    මේ අතර ඒක්සත් රාජධානිය අත්හදා බලන තවත් ඒන්නතක මාත්‍රා මිලියන 90ක් මිලදී ගැනීම සඳහා අදාළ සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කර ඇතැයි වාර්තාවේ. බෙල්ජියමේ ඖෂධ නිෂ්පාදනය සමාගමක් වන ජන්ස්සන් සහ ඒක්සත් ජනපදයේ නොවැක්ස් සමාගම මගින් අදාළ ඒන්නත දියුණු කර තිබේ. මේ වනවිට ඒක්සත් රාජධානියෙන් ද කොරෝනා වෛරසය සම්බන්ධ ඒන්නත් වර්ග 6ක් අත්හදා බලමින් පවතින බව වැඩිදුරටත් වාර්තාවේ.

    Latest News