චීනයේ සේවා වෙළඳාම් වටිනාකම මේ වසරේ මුල් භාගයේදී යුවාන් ට්‍රිලියන 2.2 ක්

අගෝ 05, 2020

    චීනයේ සේවා වෙළඳාම් වටිනාකම මේ වසරේ මුල් භාගයේදී යුවාන් ට්‍රිලියන 2.2 ක් වූ බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

    චීනයේ වාණිජ අමාත්‍යාංශය නවතම දත්ත නිකුත් කරමින් කියා සිටියේ චීනයේ සමස්ත සේවා වෙළඳාම වසරේ මුල් භාගයේදී යුවාන් ට්‍රිලියන 2.2 ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 14.7% කින් අඩුවී ඇති බවයි.

    කොරොනා වසංගතය ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

    ආගමන විගමන අඩුවීම සහ සේවා සැපයුම් හා ඉල්ලුම් තියුණු හැකිලීමකට එය තුඩු දී ඇත.

    සංචාරක සේවා ආනයන හා අපනයන පහත වැටීම චීනයේ සේවා වෙළඳාම පහත වැටීමේ ප්‍රධාන සාධකයයි.

    සංචාරක සේවා හැරුණු විට, චීනයේ සේවා ආනයන අපනයනවල ප්‍රමාණය වසරේ මුල් භාගයේදී 2.1% කින් ඉහළ ගොස් තිබේ.

    මේ අතර 2020 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී බෙයිජිංහි දී අන්තර් ජාල හා සාමාන්‍ය ප්‍රදර්ශනයක යන අංශ දෙකෙන්ම පැවැත්වීමට සැළසුම් කර ඇත.

    Latest News