“ඉසයියාස්” සුළි කුණාටුව අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය දෙසට

අගෝ 04, 2020

    නිවර්තන සුළි කුණාටුවක් වන “ඉසයියාස්” ලෙස නම් කර ඇති චණ්ඩ මාරුතය අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දෙසට ගමන් කරමින් තිබේ.

    කුණාටුව වොෂිංටන්, ෆිලඩෙල්ෆියා සහ නිව්යෝර්ක් යන ප්‍රාන්ත සඳහා ප්‍රබල බලපෑම් ඇති කළ හැකි බවට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවයි. දකුණු කැරෝලිනා සංචාරක නිකේතනයන් හා මර්ට්ලි බීච් සහ උතුරු කැරොලිනා වරාය නගරය තුළ දැනටමත් සුළි කුණාටු තත්වයක් හටගෙන තිබේ. අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව පවතින මෙම ප්‍රදේශ තුළ 2018 වර්ෂයේ ඇතිවූ ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගියේය. අමෙරිකානු ඩොලර් බිලියන 17කට ආසන්න දේපල හානි රැසක් ද සිදුවිය. කුණාටුව හේතුවෙන්, මුහුදු ජලය ගොඩබිම ප්‍රදේශයට ගලා ඒමෙන් ජිවිත අවදානමක් ඇති කරන මට්ටමේ ජල ගැල්මක් ඇති කිරීමට හැකියාවක් පවතින බව සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවයි. එම මධ්‍යස්ථානයෙන් අනතුරු ඇඟවීම් කර ඇති නගර රාශියක් සඳහා මේ වනවිට ජල ගැලීම් බාධක යොදමින් සිටින බව වාර්තාවේ.

    Latest News