ආර්ජන්ටිනාවේ අඟුලු දැමීම ක්‍රමයෙන් ලිහිල් කිරීමට සූදානම්

ජූලි 18, 2020

    මාර්තු 20 වැනිදා සිට ආර්ජන්ටිනාව තුළ රට වසා දැමීමේ තත්වයක් ක්‍රියාත්මක වේ.

    ඒ කොරෝනා වෛරසයේ පැතිරයාම වැළැක්වීම උදෙසා රජය ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එරට ජනාධිපති ඇල්බර්ටෝ ෆර්ඩිනෑන්ඩස් ඊයේ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් රට තුළ පවතින අඟුලු දැමීම ක්‍රමයෙන් ලිහිල් කිරීමට සූදානම් වන බව ප්‍රකාශ කර සිටියේය. ජනාධිපති ෆර්ඩිනෑන්ඩස් පැවසුවේ ක්‍රමානුකූලව සාමාන්‍ය ජිවිතයට නැවත පැමිණිම අදියර කිහිපයකින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. එහි පළමු අදියර අගෝස්තු 2 දා සිට ආරම්භ කිරීමට නියමිතයි.

    මේ වනවිට ආර්ජන්ටිනාවෙන් කොරෝනා ආසාදිතයින් එක් ලක්‍ෂ 19,000 ඉක්මවා තිබෙන අතර මරණ සංඛ්‍යාව 2,178ක් ලෙස වාර්තාවේ. 

     

    Latest News