ඉන්දියාවේ ජන ජීවිතයට වර්ෂාවෙන් බාධා

ජූලි 19, 2020

    ඉන්දියාවේ නගර කිහිපයකට ඇදවැටෙමින් තිබෙන අධික වර්ෂාව නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් ඇතිවී තිබෙනවා.

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වුණා.

    ඉදිරි දින තුන තුළ නවදිල්ලිය ඇතුළු නගර කිහිපයකට දැඩි වැසි ඇතිවන බවයි, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මේ අතර ඊසාදිග ඉන්දියාවේ ඇතිවී තිබෙන මෝසම් වැසි නිසා මිලියනයකට වැඩි ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබෙනවා.

    ඇසෑම් ප්‍රාන්තයේ දිළිදු ජනතාව මේ හේතුවෙන් දැඩි අවදානමකට මුහුණදී සිටිනවා. බ්‍

    රහ්ම පුත්‍ර ගංගාව පිටාර මට්ටමට පැමිණ ඇති අතර ගම්මාන රැසක් යටවීමේ අවදානමක පවතින බවයි වාර්තා වන්නේ.

    Latest News