ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අමෙරිකාවෙන්

ජූලි 18, 2020

    ගතවූ පැය 24 තුළදී අමෙරිකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා විය.

    74,987ක් වන නව ආසාදිතයින් ද ඇතුළුව අමෙරිකාව තුළ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 37 ලක්‍ෂ 70,000 ඉක්මවා තිබේ.

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව අමෙරිකාව තුළ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් එක් ලක්‍ෂ 42,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.ගතවූ පැය 24 තුළ දී පමණක් එරටින් පුද්ගලයින් 943 දෙනෙකු මරණයට පත්වූහ. අමෙරිකාවේ ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට කොරෝනා වෛරසය ප්‍රබල ලෙස පැතිර ගියේය.

    ඉදිරි සතිය තුළ ඇරිසෝනා, කැලිෆෝනියා, ෆ්ලොරීඩා සහ ටෙක්සාස් ඇතුලු ප්‍රධාන ප්‍රාන්ත තුළ වැඩි වශයෙන් මරණ වාර්තා වීමට ඉඩ ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. කොවිඩ්-19 මරණ ඉහළයාම හේතුවෙන් අමෙරිකාවේ ඇරිසෝනා සහ ටෙක්සාස් ප්‍රාන්තයන්හි මෘත ශරීර ගබඩා කිරීමට පහසුකම් නොමැති බැවින් අධි ශීතකරණ සහිත ට්‍රක් රථ තුළ මෘත ශරීර බහාලීමට සූදානම් වන බව වාර්තාවේ.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 17:57

    Latest News