ට්‍රම්ප් ප්‍රථම වරට ප්‍රසිද්ධ ස්ථානයක මුව ආවරණයක් පළඳියි

ජූලි 12, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට ප්‍රසිද්ධ ස්ථානයක මුව ආවරණයක් පැළඳ සිටිනු දක්නට ලැබිණ.

    කොරෝනා වෛරසය ආරම්භ වූවායින් පසු කිසිදු දිනෙක ජනාධිපතිවරයා මුව ආවරණයක් පැළඳ සිටිනු දක්නට ලැබුණේ නැත.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ වොෂිංටන් නුවරට නුදුරින් පිහිටි වෝල්ටර් රිඩ් හමුදා රෝහල වෙත සංචාරය කළ අවස්ථාවේ මෙලෙස මුව ආවරණයක් පැළඳ සිටියේය. එම අවස්ථාවට පිටව යාමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, තමා කිසිම විටෙක මුව ආවරණවලට විරුද්ධ නොවූ බවයි. එය පැළඳීමට නිසි අවස්ථාව සහ වේලාව පැමිණිය යුතු බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කළේ, තමා කිසිදු අවස්ථාවක මුව ආවරණයක් නොපළඳින බවයි.

    Latest News