බච්චන් පවුලේ 4කට කොවිඩ්19

ජූලි 12, 2020

    සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, වෛරසය ආසාදනය හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බවයි. තමාට ද වෛරසය වැළඳී ඇති බව අමිතාබ් බච්චන්ගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන් ද පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණ. ඔවුන් දෙදෙනාම මුම්බායි හි රෝහලකට ඇතුලත් කර තිබේ.

    මේ අතර ආශ්වර්යා රායි බච්චන් සහ අභිෂේක්-ආශ්වර්යා යුවලගේ දියණියට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ද වාර්තාවේ.

    Latest News