කැරැල්ල ගැන චෝදනා ට්‍රම්ප් ප්‍රති‍ක්ෂේප කරයි

ජන 13, 2021

    සමස්ත ලෝකයේම අවධානයට පාත්‍ර වූ අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ මාරාන්තික කෝලහලයට පෙර ජනතාව අමතා තමා සිදුකළ ප්‍රකාශයන් මුළුමණින්ම උචිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    එසේම කැරැල්ලට අනුබල දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම හාස්‍යජනක බවයි, ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    අමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා ඇති තාප්පයේ කොටසක් පරීක්ෂා කිරීම සඳහා චාරිකා කළ අවස්ථාවක ඔහු මේ බව කියා සිටියේය.

    තම ආධාරකරුවන් ඉකුත් සතියේ එරට අගනගරයට කඩා වැදී දැවැන්ත කෝලහලයක් සිදු කිරීමෙන් පසු පළමු වරට ප්‍රසිද්ධියේ මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් තමාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒම අතිශයින්ම හාස්‍යජනක බවයි.

    Last modified on බදාදා, 13 ජනවාරි 2021 09:32

    Latest News