ජුනි මාසයේදී චීනයේ විදේශ විනිමය සංචිතය ඉහළට

ජූලි 08, 2020

    ජුනි මාසය තුළ චීනයේ විදේශ විනිමය වෙළඳපොළේ ඉල්ලුම සහ සැපයුම සමස්ත වශයෙන් සමතුලිතතාවක් පැවති බව චීනයේ විදේශ විනිමය පරිපාලන කාර්යාංශය ප්‍රකාශ කරයි.

    චීනයේ විදේශ විනිමය පරිපාලන කාර්යාංශය ඊයේ (7) නිකුත් කළ දත්ත වලට අනුව මෙම වසරේ ජුනි මස අවසානය දක්වා චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.112 ක් වූ අතර එය මැයි මස අග සිට ඇමරිකානු ඩොලර් බිලියන 10.6 කින් වැඩි වී ඇත. එහි වර්ධන අනුපාතනය 0.3% ක් වේ.

    නවතම විදේශ විනිමය සංචිත දත්ත මගින් චීනයේ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමේ හා ආර්ථික ප්‍රකෘතියේ ජයග්‍රහණ පිළිබිඹු කෙරෙන බව, විශේෂඥයෝ කියා සිටිති.

    චීනයේ විවිධ ආර්ථික දර්ශක වැඩිදියුණු වී ඇති අතර ආර්ථික තත්වය ක්‍රමයෙන් ධනාත්මක දිශාව කරා යොමු වෙමින් තිබෙන බව ද චීන ආර්ථික විශේෂඥ Zhao Xijun මහතා පවසයි.

    Latest News