ගුයිෂෝ බස් අනතුරකින් 21ක් මරුට

ජූලි 08, 2020

    නිරිත දිග චීනයේ, ගුයිෂෝ පළාතේ දී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් 21 දෙනෙක් මිය ගොස් තිබේ.

    තවත් 16 දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. බස් රථය වැවකට පෙරලී තිබේ. සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට ගිය චීනයේ අන්ෂුන් නාගරික හදිසි කළමනාකරණ කාර්යාංශය 37 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

    අනතුර සිදුවූ අවස්ථාවේ දී විසි දෙනෙකු මියගොස් තිබූ අතර, තවත් එක් අයෙක් මරණයට පත්ව ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් පසුවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 08 ජූලි 2020 13:42

    Latest News