හුබෙයි පළාතට මි.මී. 140ක ධාරානිපාත වර්ෂාවක්

ජූනි 28, 2020

    මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ මිලිමීටර 140කින් යුත් ධාරානිපාත වර්ෂාවක් හටගෙන තිබේ.

    මෙය වසර 20කට පසු වාර්තා වූ අධිකතම වර්ෂාපතනය බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මේ සම්බන්ධව චීනයේ කාලගුණ විද්‍යා බලධාරීන් විසින් ජනතාවට දැඩි අනතුරු ඇඟවීම් ද නිකුත් කිරීමට පියවර ගනු ලැබීය. හටගෙන ඇති දරුණු ගංවතුර තත්වය නිසා සාමාන්‍ය ජන ජිවිතයට දැඩි බලපෑම් සිදුව තිබේ.

    ඊයේ පෙරවරුවේ හටගත් වාර්ෂාව පැය 3ක් පුරා අඛණ්ඩව ඇද හැලුණු බව වාර්තාවේ. ඉන් කිසිදු ජිවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැත. මධ්‍යම චීනයේ පළාත් 26කට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල විය.

    ගංවතුරින් අක්කර මිලියන දෙකකට අධික භූමි ප්‍රමාණයක් මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 3කට අධිකයි. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    Latest News