කාන්තාර පළඟැටියන් දිල්ලි අගනුවර ආක්‍රමණය කරයි

ජූනි 28, 2020

    කාන්තාර පළඟැටියන් විශාල රංචුවක් ඉන්දියාවේ දිල්ලි අගනුවර ගුර්ගොන් ප්‍රදේශය, ආක්‍රමණය කර තිබේ.

    නගර ආශ්‍රිතව පළගැටියන් ව්‍යාප්ත වූ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තාවේ. බලධාරීන් හා නගරවාසීන් මේ පිලිබඳව විමසිල්ලෙන් පසුවේ. පළඟැටියන් දස දහස් ගණනක් ගොඩනැගිලිවලට ඉහළින් පියාසර කර වහල මතට වී සිටින ආකාරය පටිගත වී තිබේ. ගුර්ගොන් නගර සීමාවෙන් දිල්ලියේ ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා පියාසර කරන ගුවන් යානාවල නියමුවන්ටද මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබේ. ගුර්ගොන්හි ජනතාව බෙරවලට ගසමින් පළඟැටියන් පළවා හැරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

    ජනතාව මෙවන් උවදුරකට ලක්ව සිටින්නේ දිල්ලි අගනුවර ආශ්‍රිතව කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පසුබිමකයි. අද වනවිට දිල්ලි නුවරින් පමණක් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77,000කට අධිකයි.

    Last modified on ඉරිදා, 28 ජූනි 2020 17:18

    Latest News