ජෝර්ජ්ගේ මරණයෙන් ඇවිලුණ අමෙරිකාවේ විරෝධතා අදත්

ජූනි 03, 2020

    අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්සේ මරණය සම්බන්ධයෙන් අද 6 වැනි දිනටත් විරෝධතා පැවැත්වෙයි.

    විරෝධතාකරුවන් කඩසාප්පු කොල්ලකෑමේ හා දේපල හානි කිරීමේ සිද්ධීන් ද තවදුරටත් වාර්තා වෙයි. අමෙරිකාවේ ශාන්ත ලුවිස්හි පැවති විරෝධතා අතරතුර කොල්ලකෑම්වලට සම්බන්ධ සිද්ධියක් වැටලීමට ගිය කළු ජාතික පොලිස් නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

    විරෝධතාකරුවන් උකස් මධ්‍යස්ථානයක් කොල්ලකෑ අතර 77 හැවිරිදි කළු ජාතික පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් හමුවී ඇත්තේ, එම ස්ථානයේ තිබී මියගිය එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ශෝකය පළකළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සේවය රටට අහිමි වීම බලවත් පාඩුවක් බව ප්‍රකාශ කර තිබේ.

    මේ අතර, මියගිය කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ භාර්යාව හා ඔහුගේ 6 හැවිරිදි දියණිය පුවත්පත් හමුවකට එක්ව තිබේ.  තම ස්වාමියා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් මරා දැමීම සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස ෆ්ලොයිඩ්ගේ බිරිඳ එහිදී ඉල්ලා සිටියේය.

    Last modified on බදාදා, 03 ජූනි 2020 11:01

    Latest News