“නිව්යෝර්ක් ටයිම්ස්” මුල් පිටුව අද කොරෝනාවට බිලි වූ අය වෙනුවෙන්

මැයි 24, 2020

    අමෙරිකාවේ “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පතේ මුල් පිටුව අද එරට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් වෙන්කර තිබේ.

    එරට කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂයකට ආසන්න වන බැවින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා මේ පියවර ගත් බව “නිව්යෝර්ක් ටයිම්ස්” මාධ්‍යවේදීන් පවසයි. මෙතෙක් කොරෝනාවෙන් මියගිය අමෙරිකානුවන් 1000ක් එනම්, මරණයට පත්වූවන්ගෙන් සියයකට එකකගේ නම් මේ මුල් පිටුවට ඇතුළත්. ඔවුන් මෙහි ශිර්ෂපාඨයට යොදා තිබුණේ “කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් ලක්‍ෂයකට ආසන්නයි, මෙය ගණනය කළ නොහැකි පාඩුවක්” ලෙසයි. කෙසේ වෙතත් ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 21,929ක් හඳුනාගෙන ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,036ක්.

    Latest News