සෞදියේ මක්කම අද බැතිමතුන්ගෙන් හිස් වෙයි

මැයි 24, 2020

    ඉස්ලාමීය බැතිමතුන්ගේ ප්‍රධානතම පූජනීය ස්ථානය වන සෞදි අරාබියේ මක්කම දේවස්ථානය අද බැතිමතුන්ගෙන් හිස් වූ ස්වභාවයක් පෙන්නුම් කළේය.

    ඒ, පැතිර යන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට එරට රජය විසින් සමස්ත දේශයම ලබන 27 වැනිදා තෙක් ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන්.

    අදට යෙදී තිබෙන රාමසාන් උත්සවය නිමිති කරගෙන ඇඳිරි නීතිය යටතේ වුව ද සමාජ දුරස්ථකරණ නීතිවලට යටත්ව මක්කම දේවස්ථානය වැඳපුදා ගැනීමට පැමිණ සිටියේ ඉස්ලාමීය බැතිමතුන් සුළු පිරිසක් පමණි. ඉකුත් පැය 24 තුළ සෞදි අරාබියෙන් හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,442ක්. 15 දෙනෙකු මරණයට පත්ව තිබේ.

    Latest News