සරණාගත ගැටුමකින් දරුවෙකු මිය යයි

දෙසැ 26, 2018

    අමෙරිකානු සහ මෙක්සිකෝ දේශසීමාවේ දී සිදු වූ සරණාගත ගැටලුවකින් ගෝතමාලාවේ දරුවෙකු මිය යයි.

    දරුවා මිය ගොස් ඇත්තේ, අමෙරිකානු රජයේ අත්අඩංගුවේ සිටියදීයි. ෆිලිපේ අලොන්ඝෝ ගෝමස් නමැති මෙම දරුවා වයස අවුරුදු 8කි. ආහාර හිඟවීම හේතුවෙන් මෙලෙස එම දරුවා මිය යන්නට ඇතිබව, විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

    එවැනි සරණාගත ගැටලුවක් හේතුවෙන්, මිය ගිය දෙවැනි දරුවා මොහුයි. මීට පෙර සත් හැවිරිදි ගෝතමාලා දරුවෙකු අත්අඩංගුවට ගෙන පැය බාගයක දී මිය ගොස් තිබේ. අනවසරයෙන් සංක්‍රමණය වන සරණාගතයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අවස්ථාවේ දී සහ නැවතත් ඔවුන් පිටත් කිරීමේ දී පවුල්වල කුඩා දරුවන් දැඩි අපහසුතාවයට පත් තිබේ.

    Latest News