ඉන්දියාවේ ආසාදිතයින් 78,000 ඉක්මවයි

මැයි 15, 2020

    ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 78,000 ඉක්මවා තිබේ.

    එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2549ක්. ගතවූ පැය 24 තුළ ද නව ආසාදිතයන් 3722ක් වාර්තා වී ඇති බවයි, ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිත සංඛ්‍යාව මෙලෙස ඉහළ ගිය ද වෛරස ව්‍යාප්තිය අවම ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දීය රජය ප්‍රකාශ කළේය.

    ඒ අනූව, එවැනි ප්‍රදේශවල බස් ගමනාගමනය මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් ද කඩිනමින් ආරම්භ කෙරෙනු ඇති.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 10:56

    Latest News