කුවේට් ඇඳිරි නීතිය මැයි 30 දක්වා දීර්ඝ කෙරේ

මැයි 09, 2020

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (10) සිට මේ මස 30 වෙනිදා දක්වා ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව කුවේට් කැබිනට් මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

    ඇඳිරි නීතිය පැනවීමත් සමග රාජ්‍ය අංශයේ සේවාවන් දුරස්ථව කටයුතු සිදු කරන අතර අත්‍යවශ්‍ය සේවා හැර පෞද්ගලික අංශයේ කටයුතු අත්හිටුවන බව එම නිවේදනයේ දක්වා ඇත.

    සියලුම බැංකු වසා දමනු ලබන අතර ඉලෙක්ට්‍රොනිකව සේවා සැපයීම දිගටම කරගෙන යනු ලැබේ.

    අපේ‍්‍රල් 20 වන දින කුවේටය රට පුරා ඇඳිරි නීතිය දිනකට පැය 16 දක්වා එනම් සවස 4 සිට උදේ 8 දක්වා දීර්ඝ කළ අතර රජයේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය අංශයේ වැඩ කටයුතු අත්හිටුවීම මැයි 31 දක්වා දීර්ඝ කරනු ලැබිය.

     

    Latest News