චීන - රුසියානු ජනාධිපතිවරුන් අතර දුරකථන සාකච්ඡාවක්

මැයි 09, 2020

    චීන ජනාධිපති ෂී ජින් පිං රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වී තිබේ.

    එම සාකච්ඡාව ඊයේ (8) සිදුෙවිය.

    “සෝවියට් සංගමයේ මහා දේශප්‍රේමී යුධ ජයග්‍රහණයේ” 75 වන සංවත්සරය අද (09) සැමරේ.

    චීන රජය හා ජනතාව වෙනුවෙන් පුටින් ඇතුළු රුසියානු ජනතාව වෙත ෂී ජින් පිං සුබ පැතුම් පිරිනමයි.

    මානව ඉතිහාසයේ පෙර නොවූ ආකාරයේ අර්බුදයක් ලෙස දෙවන ලෝක යුද්ධය සැළකේ.

    දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණ හා ජාත්‍යන්තර සාධාරණත්ව හා න්‍යාය ක්‍රියාත්මක කිරීම සඳහා රුසියාව සමඟ ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං පැවසීය.

    බහු - පාර්ශ්වවාදයට අනුබල දෙන චීනය, එය සැම විටම ක්‍රියාත්මක කරමින්, ලෝක සාමය ගොඩනැගීමේ දායකයෙකු, ගෝලීය සංවර්ධනයේ දායකයෙකු හා ජාත්‍යන්තර පද්ධතියේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියාත්මක වන බව, ෂී ජින් පිං එහිදී ප්‍රකාශ කළේය.

    වත්මන් ජගත් ප්‍රජාව, නව කොරොනා වසංගතයට එරෙහිව සටනක නිරතවී සිටිති.

    පුටින්ගේ නායකත්වය යටතේ රුසියාව එම වසංගතය පාලනය කිරීමේ විධිවිධාන වල ප්‍රතිඑල ක්‍රමයෙන් ලබා ගනිමින් සිටී.

    චීනය ස්ථිරව හා අඛණ්ඩව රුසියාවට අනුබලය ලබා දෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන්, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පැවසුවේ, චීනය සමඟ සම්පූර්ණ උපාය මාර්ගික සහයෝගිතාව ශක්තිමත් කිරීමට රුසියාව අපේක්ෂා කරන බවයි.

    චීනය ලබා දුන් මානුෂීය ආධාර හා වෛද්‍ය ආරක්ෂක උපකරණ තොගය පිළිබඳව හෙතෙම එහිදී ස්තූතිය පළ කළේය.

    චීනයේ අත්දැකීම් අධ්‍යයනය කරන රුසියාව, චීනය සමඟ එන්නත් පර්යේෂණ සහයෝගීතා පැවැත්වීමට සූදානම් වේ.

    ඇතැම් බලවේග වසංගතය ප්‍රයෝජනයට ගනිමින් චීනයට චෝදනා කිරීම පිළිබඳව, රුසියාව දැඩි ලෙස විරෝධය පළ කරන අතර, චීනය සමඟ ස්ථිරව සිටින බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    Latest News