පකිස්තානයත් සීමා ලිහිල් කරයි

මැයි 09, 2020

    පකිස්තානය රට වසා දැමීමේ සීමා ලිහිල් කිරීම අද සිට ක්‍රියාත්මක කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    බලාපොරොත්තු වූ ආකාරයෙන් රෝගීන් ඉහළ නොයෑම නිසා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ තීරණය ගෙන තිබේ. පකිස්තානයෙන් මෙතෙක් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව විසිහත් දහස් හාරසිය හැත්තෑ හතරක්. ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 1,791 දෙනෙකු හඳුනාගෙන තිබේ. පකිස්තානයේ මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, 618ක් ලෙසයි.

    Latest News