කොරෝනා ආසාධිතයින් ලක්ෂ 40 ය ඉක්මවයි

මැයි 09, 2020

    ලොව පුරා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව හතලිස් ලක්ෂය ඉක්මවා ඇත.

    ඒ රටවල් සහ ස්වයං පාලන ප‍්‍රදේශ 212 කින්.

    මියගිය ගණන 276,253ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    1,387,259 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා තිබේ.

    කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වුනේ ඇමරිකා එක්සත් ජනපදයට.

    තහවුරු කරගත් ආසාධිතයන් ගණන 1,322,163ක්.

    ස්පාඤ්ඤය, ඉතාලිය, එංගලන්තය, රුසියාව, ප‍්‍රංශය සහ ජර්මනියද දැඩි බලපෑම් එල්ලවූ සෙසු රටවලට ඇතුළත්.

    මේ අතර අයර්ලන්තය හැර වෙනත් ඕනෑම රටක සිට එංගලන්තයට පැමිණෙන පුද්ගලයන් දින 14 ක නිරෝධායනයට ලක්කිරිමට තීරණය කර තිබේ.

    මේ මාසයේ අග සිට එය ක‍්‍රියාත්මක කරන බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    අමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කැටි මිලර් ද කොරෝනා ආසාධිතයෙකු බව තහවුරු කරගෙන තිබේ.

    ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ආරක්ෂකයෙකුට ද කොරෝනා ආසාධනය වී ඇති බවට ඊයේ හඳුනා ගැනේ.

    ඒ අනුව සියලු ආරක්ෂකයින් සහ නිලධාරීන් දෛනිකව කොරෝනා පරික්ෂාවකට ලක් කිරීමට ධවල මන්දිරය තීරණය කර ඇත.

    Latest News