වසූරිය පැරදූ ගෝලීය සහය කොරෝනාටත්

මැයි 09, 2020

    මීට වසර 40කට පෙර වසූරිය රෝගය මැඩපැවැත්වීමේ දී ගෝලීය සහයෝගීතාව ඉතා වැදගත් වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් ඇඩනෝම් පවසයි.

    ජිනිවාහි පැවති මාධ්‍ය හමුවකදී, ඔහු කියා සිටියේ, මිනිසා වසූරිය රෝගයෙන් ජයගත් ආකාරයෙන්ම කොරෝනා වෛරසය පැරදවීම සඳහා ද සියළු පුරවැසියන් දායක විය යුතු බවයි. ගෝලීය සහයෝගීතාව ඉදිරි කාලයේදීත් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි.

    මේ අතර, ඉතාලිය කොරෝනා මරණ 30,000කට අධික රටවල් අතරට අද එක් වෙයි. ඉතාලියෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 30,201ක්. ගතවූ පැය 24 තුළ පමණක් මරණ 243ක් සිදුව තිබේ. මේ වන විට ඉතාලියෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ දාහත්දහස් එකසිය අසූ පස් දෙනෙක්.

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 12:37

    Latest News