උතුරු කොරියානු නායකයා නැවතත් තිරයට

මැයි 02, 2020

    උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පළමු වරට ඊයේ (01) දිනයේ දී ප්‍රසිද්ධියේ පෙනී සිටි ඇති බව එරට මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. සති කිහිපයක කාලයක සිට කිම් ජොංග් උන් මාධ්‍ය වෙත පෙනී නොසිටි අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය තුල විවිධ කතාබහට ලක්විය.

    උතුරු කොරියානු නායකයා ලෝක කම්කරු දිනය යෙදී තිබු ඊයේ දිනයේදී සන්චොන් ප්‍රාන්තයේ පිහිටි පොස්පේට් පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරිමට එක් වී සිටිය බවයි KCNA ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ.

    උතුරු කොරියානු නායකයා එම උත්සවයට සහභාගිවීමට අදාළ ජයාරූප කිහිපයක්ද එම ඒජන්සිය විසින් පළ කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 14:01

    Latest News