චන්ද්‍ර පාෂාණයක් බ්‍රිතාන්‍ය වෙන්දේසියේ

අප්‍රේ 30, 2020

    ලොව විශාලතම චන්ද්‍ර උල්කාපාතවලින්‌ එකක්‌ අද බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටීන් වෙන්දේසි සමාගමේ පුද්ගලික අලෙවියකට ඉදිරපත්‌ කර තිබිණි.

    මෙය අමෙරිකානු ඩොලර්‌ මිලියන 2.4ක වටිනාකමකින්‌ යුක්ත වන බවයි, විදෙස්‌ වාර්තා සඳහන්‌ කරන්නේ.

    කිලෝගෑම් 13.5ක්‌ බරින් යුත් මෙම චන්ද්‍ර පාෂාණය ග්‍රාහකයක්‌ හෝ වල්ගා තරුවක්‌ සඳෙහි ගැටීමෙන්‌ අනතුරුව ගැලවී ගොස්‌ සහරා කාන්තාරයට කඩා වැටෙන්නට ඇති බවට විශ්වාස කෙරේ. N W A 1 26 9 1 ලෙස නම්‌ කර ඇති මෙය ,මෙතෙක්‌ පෘථිවියෙන්‌ හමු වූ පස්වන විශාලතම චන්ද්‍ර පාෂාණයයි. පෘථිවියේ පවතින සමස්ත චන්ද්‍ර පාෂාණවල බර කිලෝග්‍රෑම් 650ක්‌ පමණ වන බවට ගණන්‌ බලා තිබේ. කෙසේ වුවත්‌ මෙම චන්ද්‍ර පාෂාණය සහරා කාන්තාරයෙන්‌ සොයා ගත්‌ පුද්ගලයා පිළිබඳ නිෂ්චිතව සඳහන්‌ වන්නේ නැහැ. අමෙරකාවේ ඇපලෝ අභ්‍යවකාශ මෙහෙයුම විසින්‌ ගෙන එන ලද සඳෙසි පාෂාණ සමග සංසන්දනය කිරීමෙන්‌ අනතුරු මෙය නිෂ්චිතවම චන්ද්‍ර පාෂාණයක්‌ බවට තහවුරු කර ගෙන තිබේ.

    Latest News