චන්ද්‍රයා මතට මිනිසුන් නැති තවත් යානයක්

ඔක් 23, 2021

    නාසා ආයතනය යළිත් චන්ද්‍රයා වෙත මිනිසුන් රහිත යානයක් යැවීමට සූදානම් වෙයි.

    එය ලබන වසරේ පෙබරවාරි මාසයේ දී සිදු කිරීමට නියමිතයි. නියමුවන් රහිතව චන්ද්‍රයා වෙත යැවීමට සූදානම් කෙරෙන යානය නම් කර ඇත්තේ, ආටෙමිස්-එක යනුවෙන්.

    එය උඩුගුවනට රැගෙන යාම සඳහා අඩි 322ක් උස දැවැන්ත රොකට්ටුව මේ වන විට ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සකස් කර තිබේ. අනෙකුත් අත්හදාබැලීම් අවසන් වූ පසු සඳමත තොරතුරු විමසීම සඳහා කක්ෂගත කිරීමට නියමිතයි.

    මිනිසුන් යැවීමට පෙර සඳ මත ඇති නවතම පරිසර තත්වය සොයා බැලීම මෙම පළමු ගමනේ අරමුණයි. දෙවැනි වරට යැවීමට බලාපොරොත්තු වන ගගනගාමීන් සහිත චාරිකාවට අභ්‍යවකාශ තොරතුරු ලබා ගැනීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 23 ඔක්තෝබර් 2021 13:26

    Latest News