විෂබීජ නාශක දියර එන්නත් කරන්න යැයි කිවූ ට්‍රම්ප්ට විරෝධය

අප්‍රේ 24, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ, කොරෝනා රෝගය පිටුදැකීම සඳහා විෂබීජ නාශක දියර එන්නත් කර ගන්නා ලෙසයි.

    එමෙන්ම, රෝගීන් පාරජම්බූල කිරණවලට නිරාවරණය කිරීමෙන් රෝගය සුවවිය හැකි බව ද ට්‍රම්ප් පවසයි. මේ ප්‍රකාශ දෙකම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි, වෛද්‍යවරුන් කියා සිටී. ඇතැම් විෂබීජ නාශක දියර මිනිස් සමට පවා හානිකර වන අතර, යම් කෙනෙකු ඒවා ශරීරයට එන්නත් කර ගතහොත් බිහිසුණු පළ විපාක ඇති විය හැකි බව, වෛද්‍යවරු පෙන්වා දෙයි. මේ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ මට්ටමක පවතී.

    Latest News