අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

අප්‍රේ 02, 2020

    අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

    මේ වන විට අමෙරිකාවෙන් ආසාදිතයින් දෙලක්ෂ 14,836 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ගත වූ කාලය තුළ එරටින් මරණ 1046ක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් දිනක් තුළ එක් රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය ලෙස සැලකෙයි.

    ඒ අනුව අමෙරිකාවේ සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 5,099ක් වෙයි. මියගිය පුද්ගලයින් අතර සති 06ක් වයැසැති බිළිදෙකු ද වන අතර වෛරසයෙන් මියගිය ළාබාලතමයා බවට එම බිළිදා හඳුනා ගෙන ඇති බව සඳහන්.

    Latest News