බ්‍රිතාන්‍ය ගුවන් සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවයි

අප්‍රේ 02, 2020

    බ්‍රිතාන්‍ය ගුවන් සේවය සිය සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට සූදානම් වෙයි.

    කොරෝනා වෛරසයේ බලපෑමෙන් බොහොමක් ගුවන් ගමන් අත්හිටුවීම මීට හේතුවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ තීරණය සම්බන්ධයෙන් මේ වන විට වෘතීය සමිති සමග සාකච්ජා සිදුකෙරෙමින් පවතින බවයි. දෙපාර්ශවය ඒ පිළිබඳ එකඟතාවන්ට පැමිණ ඇතැත් අවසන් තීරණයකට මෙතෙක් එළඹ නොමැත.

    මේ අනූව බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් සේවක කාර්ය මණ්ඩලය, ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය, ඉංජිනේරු අංශ හා ප්‍රධාන කාර්යාලයේ සේවකයින්ගෙන් 80%ක් නෙරපා හරිනු ඇත. සේවයෙන් ඉවත් කෙරෙන බොහෝ දෙනෙකුට රජයෙන් ගෙවනු ලබන සහන දීමනාව හිමිවන බවය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 09:51

    Latest News