කොරෝනා මරණ වැඩිම රට ඉතාලිය වෙයි

මාර් 20, 2020

    කෙවිඩ් නයින්ටීන් රෝගයෙන් වැඩිම පිරිසක් මියගිය රට බවට ඉතාලිය පත්වෙයි.

    ඉතාලියේ මරණ සංඛ්‍යාව 3,405ක් ලෙස වාර්තාවේ.

    මෙතෙක් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ රෝගය ආරම්භ වූ චීනයෙනි.

    චීනයේ සමස්ත මරණ සංඛ්‍යාව 3,248කි.

    ඉතාලියේ ගත වූ පැය 24 තුළ මරණ 427ක් වාර්තා වීමත් සමග සමස්ත සංඛ්‍යාව චීනය අභිබවා ගොස් තිබේ.

    මේ අතර ඉතාලියේ මිලාන් නගරයේ මියගිය රෝගීන්ගේ සිරුරු රැගත් ට්‍රක්රථ පෙළක්, යාබද බෙර්ගාමෝ නගරය හරහා ගමන් කරන ආකාරය දැක්වෙන් වීඩියෝ දර්ශන පෙලක් ඊයේ (19) මාධ්‍යට නිකුත් කර තිබුණි.

    Latest News