නිව්යෝර්ක් නගරයේ වෛද්‍ය උපකරණ සීග්‍රයෙන් අවසන්

මාර් 20, 2020

    අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ කොරෝනා වෛරස් ව්‍යාප්තියට එරෙහිව භාවිත කරන වෛද්‍ය උපකරණ සීග්‍රයෙන් අවසන් වෙමින් පවතින බව නගරාධිපති බිල් ඩී බ්ලාසියෝ සදහන් කරයි.

    නිව්යෝර්න් නගරයෙන් රෝගීන් 4,000කට අධික සංඛ්‍යාවක් හමුවී ඇතත් 22නෙක් මිය ගොස් ඇති බව සඳහන්වේ.

    නගරාධිපතිවරයා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ නිව්යෝර්ක් නගරයට එන් - 95 වර්ගයේ මුහුණු ආවරණ තිස් ලක්‍ෂයක්, වෛද්‍ය අංශයේ මුහුණු ආවරණ කෝටි 05ක් හා වෙන්ටිලේටර් යන්ත්‍ර 15,000ක අවශ්‍යතාවක් පවතින බවය.

    කඩිනමින් අඩුපාඩු සම්පූර්ණ නොකළහොත් ඉදිරි සති 03 ඇතුළත බරපතල හිඟයක් හටගනු ඇති බව නගරාධිපතිවරයා කියාසිටියේය.

    Latest News