ආසියාවේ කොවිඩ් දෙවැනි රැල්ල

මාර් 20, 2020

    දකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල්වලට කොවිඩ් 19 සම්බන්ධයෙන් දෙවැනි රැල්ලකට මුහුණ දීමට සිදුව ඇති අතර ඒ බාහිරින් රටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය වාර්තා වීමය.

    වෛරසය ප්‍රථම වරට වාර්තා වූ චීනය තුළ දේශීය මට්ටමින් එය පාලනය කර ගැනිමට චීනය සමත්වුවත් මෑතකදී චීනයට පැමිණි පුද්ගලයන් අතරින් වෛරසය වාර්තා වී තිබේ.

    ඊයේ දිනයේදී එම සංඛ්‍යාව 34ක් විය. සිංගප්පූරුවේ ද නව රෝගීන් 47 ක් වාර්තා වූ අතර ඉන් 33 ක් පිටතින් වාර්තා වූ සිදුවීම් විය. දකුණු කොරියාවේද බ්‍රහස්පතින්දා දින නව රෝගීන් 152 ක් වාර්තා වුවත් පිටතින් පැමිණි සංඛ්‍යාව කොපමණදැයි පැහැදිලි නොමැත.

    Latest News