Elizabeth Warren අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වේ

මාර් 06, 2020

    අමෙරිකානු ඩිමොක‍්‍රටික් පාක්ෂික ජනාධිපති ධූර අපේක්ෂිකා ElizabethWarren මහත්මිය ජනාධිපතිවරණ අපේක්ෂකත්ව තරඟයෙන් ඉල්ලා අස්වෙයි.

    වර්තමානයේ ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය තුළ නාම යෝජනා ලැබූ අපේක්ෂිකයින් තුන් දෙනෙක් සිටී.

    ඉදිරියේදී හිටපු උප ජනාධිපති Joseph Biden මහතා සහ සෙනෙට් මණ්ඩලයේ සාමාජික Bernie Sanders මහතා අතර, මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්ව තරඟය ප්‍රධාන වශයෙන් පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

    පසුගිය 3 වැනි දින අමෙරිකානු ජනපද 14ක පැවති ‍පුර්ණ මැතිවරණ වලින් Joseph Biden මහතා අමෙරිකාවේ දෙවන වැඩිම ජනගහණය සහිත Texas ජනපදය ඇතුළු ජනපද 10ක ජයග්‍රහණ ලබා ගත්තේය.

    Bernie Sanders මහතා ජනපද 4ක ජයග්‍රහණ හිමි කරගත් අතර අමෙරිකාවේ වැඩිම ජනගහණය සහිත California ජනපදය ද ඊට ඇතුළත්වේ.

    Latest News