ඉරානයේ පාර්ලිමේන්තුව දින නියමයක් නොමැතිව වසා දැමේ

පෙබ 29, 2020

    නැවත දැනුම් දෙන තුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    ඒ ඉරානය තුළ නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම හේතුවෙනි.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රැසකට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවයි.

    මාර්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අයවැය ඉදිරිපත් නොකට ඒ වෙනුවෙන් රජයේ වියදම් සඳහා හදිසි අරමුදලක් පමණක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ අතර BBC පුවත් සේවය වාර්තා කර සිටියේ ඉරානය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් තහවුරු කර ඇති බවයි.

    Latest News