නිව්යෝර්ක්වලට පොලිතින් තහනම්

පෙබ 29, 2020

    ලබන මාර්තු පළමුවැනිදා සිට අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පොලිතින් හා ප්ලාස්ටික් මළු භාවිතය තහනම් කර තිබේ.

    ප්‍රාන්තය තුළ පමණක් වසරකට ප්ලාස්ටික් මළු බිලියන 23කට වඩා වැඩි භාවිතය නව නීතිය පැනවීමට හේතුවයි. ප්ලාස්ටික් නොවන කඩදාසි හෝ වෙනත් තේරීමක් සඳහා සාප්පු හිමියන් හා පාරිභෝගිකයන් යොමු කිරීම මෙහි අරමුණයි. නැවත භාවිත කළ  හැකි බෑග් ගෙන ඒමට සාප්පු හිමියන් දිරිගැන්වීමට අපේක්ෂිතයි. රජය විසින් අනුමත කරන ලද මුදලකට කඩදාසි මලු ලබාදීමට හා ඒවා සඳහා මූල්‍යය පහසුකම් ලබාදීමට සූදානම් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 11:29

    Latest News