ලොව පුරා 'කොවිඩ් 19' මරණ 2979ක්..  අමෙරිකාවේ ආසාදිතයන් 69ක්..

මාර් 01, 2020

    අද වන විටි ලොව රටවල් 63ක වෛරසය ව්‍යාප්ත වී ඇති අතර වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 86,992ක්. ඒ අතරින් චීනයේ පමණක් ආසාදිතයින් 79,826ක් හඳුනාගෙන තිබේ. ලොව පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව 2979ක්. ඉන් 2870ක්ම වාර්තා වන්නේ චීනයෙන්. මේ අතර සුවය ලැබූ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,334ක් වන අතර චීන වැසියන් 41,825ක් ඊට ඇතුළත්.

    ඉකුත් පැය 24 තු චීනයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 575ක් හඳුනා ගැනුණ අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 35ක්. මේ අතර, ප්‍රථම වරට අමෙරිකාවේ වොෂිංටන් නගරයේ කොරෝනා වෛරස් රෝගියෙකු ඊයේ මරණයට පත්විය. 50 හැවිරිදි අමෙරිකානු ජාතික පුද්ගලයා මීට පෙර වූහාන් නගරයේ වාසය කරන විට රෝගය වැළඳී සිට ඇති බවයි, වාර්තා වන්නේ.

    මෙතෙක් අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් පිරිස 69 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනූව අමෙරිකානු ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව හරහා සිදු කරන ජාත්‍යන්තර සංචාර තහනම් කිරීමට පියවර ගැනිණ. ඉරානයේ සිට පැමිණි පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීම තහනම් කර ඇති අතර ජනාධිපතිවරයා සිය ජනතාවට අවධාරණය කරන්නේ දකුණු කොරියාව හා ඉතාලි සංචාර සීමා කරන ලෙසයි.

     

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 11:36

    Latest News